Pages

ගෙදර ඉදන් අතේ ඇති ගානට ගානට රත්තරං ගමුද?


රත්තරං ගැන තමා අපි අද කතා කරන්නෙ. එහෙම නැත්තම් “කසුන්” ගැන.
ලෝක වෙළදපොල තුල රත්තරං සිල්වර් ප්ලැටිනම් .. වගේ ලෝහ තියෙනවා මේවගේ විකුනන්න. ඒවගෙන් මිලෙන් වැඩි කවුරුත් දන්න රත්තරං ගැන තමා කතාව.
රත්තරං ඇයි ඔච්චර ගනන් අනේ…  ඒ රත්තරං ගැන නෙමේ අපි අද  කතා කරන්නෙ කවුරුත් දන්න Gold ගැන.  ඒ කියන්නේ  ලෝක වෙළදපොල තුල තියෙන රත්තරං අපිට පුළුවන් ගෙදර ඉදන්ම මිලදී ගන්න. හැබැයි භෞතික රත්තරං නෙමේ. අපි සල්ලි දීල ගන්න රත්තරං වල වටිනාකම තැම්පත් වෙන්නේ Online Store එකක. මේ හරියට බැංකු ගිණුමක් වගේ පොලියකුත් ලැබෙනවා. අතේ තියෙන රුපියල් 100ක උනත් රත්තරං මිලදී ගන්න පුළුවන්. ඒ වගේම payment processor එකක්. හරියට paypal, coinbase වගේ.
අපි බලමු පහුගිය අවුරුදු කීපයක රත්තරං මිල වෙනස් වීම.
මේ screenshot එක ගන්න වෙලාවේ මිල වෙන්නේ රත්තරං ග්‍රෑම් 1ක් රුපියල් 6036.70 යි. නිකමට බලන්නකෝ මගේ මවුස් පොයින්ටර් එක තියෙන තැන. එතන සදහන් මිල  බලන්නකෝ…කොහොමද දැන් තියෙන ගානට අරන් තියෙද්දී ආයෙම අර ගාණට ආවොත්….
මේ සයිට් එකේ තියෙන වටිනාකම වෙන්නේ අපිට සියලුම ගනුදෙනු රුපියල් වලින්ම කල හැකි වීම. පහසුවෙන් අවබෝධ කරගන්නත් ලේසියි.
අපි බලමු මේ සයිට් එකේ ඉතිහාසය ගැන පොඩ්ඩක් විපරම් කොරලා…
ඒක කෝකටත් හොදයිනේ…
  • මෙයාල Toronto Stock Exchange (TSX)  තමා ආයෝජනය කරන්නේ.
  • අයිතිය තියෙන්නේ James Turk, Roy SebagRoy Sebag යන අයට.
  • මූලස්ථානය පිහිටලා තියෙන්නේ  Jersey, Crown Dependency, United Kingdom සහ  Toronto, Canada වල.
  • 2016 වසරේ ආදායම මිලියන 258.7
  • 2001  තමා ආරම්භ කරලා තියෙන්නේ.
ඒ වගේම ලෝකය පුරා ව්‍යාප්ත වුනු ජාලයකින් සමන්විත වෙනවා. ක්‍රෙඩිට් කාර්ඩ්, ඩෙබිට් කාර්ඩ් භාවිතා කරලා මුදල් ආයෝජනය කරන්න පුළුවන්. මේක සම්පූර්ණම ලෝහ වල වටිනාකම මූලික කරගෙන තමා ක්‍රියාත්මක වෙන්නේ.
ඊලගට අපි බලමු Goldmoney  වල තියෙන වාසි මොනවද කියලා.
  • මිලදී ගතයුතු අවම මිලක් නෑ . අතේ තියෙන ඕනෑම ගානකට ගන්න පුළුවන්.
  • රුපියල් වලින්ම සියලුම ගනුදෙනු සිදු කරන්න පුළුවන්. (සල්ලි දානවා වගේම ආයෙම ගන්නත්)
  • සල්ලි දාද්දි කිසිම අමතර සැගවුන ගාස්තු නෑ .
  • සල්ලි ආපසු ගනිද්දී ගාස්තුව 1% ක් විතරයි.
  • ආපහු සල්ලි ගනිද්දී සල්ලි විදියට හෝ ඇත්ත භෞතික රත්තරන් විදියට (coin, bar, cube)  විදියට ගන්න පුළුවන්.
  •  සාමාජිකයන් අතරේ අමතර අය කිරීමකින් තොරව රත්තරන් හුවමාරු කරගන්න පුළුවන්.
  • බොහෝ ක්‍රමවලට සල්ලි දාන්න (deposit) වගේම ආපසු ගන්නත් (widthdraw) පුළුවන්
  • මුදල් තැම්පත් කලාට පසුව නොමිලේම ATM MasterCard  කාර්ඩ් එකක් ලබා ගන්න පුළුවන්
  • අපි ලග තියෙන රත්තරන් විකුනන්න පුළුවන් මෙහිදීම.
  • ඒ වගේම තැන්පතු හෝ ආපසු ගැනීම්, කිසියම් කාලයකට වරක්  නැවත නැවත ඉබේම  සිදුවෙන්න හදන්නත් පුළුවන්.
  • ඒ වගේම අපේ සියලුම ගනුදෙනු මාසික වාර්තාවක් විදියට ගන්න පුළුවන් වර්ග කීපයකට (pdf, email, html)
  • අපේ ගනුදෙනු සියල්ල csv ෆයිල් එකක් විදියට ගන්නත් පුළුවන්.
  • අපි ගනුදෙනු කල සියලු සාමාජිකයන්ගේ තොරතුරු contacts විදියට save කරගන්නත් පුළුවන්.
  • අනෙක් වටිනාම දේ තමා අපේ ගිණුමේ ආරක්ෂාවට 2-step verification යොදලා තියෙන එක.
දීර්ඝ කාලීන සැලැස්මක් සහිතව ආයෝජනය කරන අයට ගොඩක් වැදගත්. හදිසියේ පොහොසත් වෙන්න ඕන අයට  ගැලපෙන්නේ නෑ කියලා තමා මට නම් හිතෙන්නේ.
තියෙන එකම අවධානම තමා අනාගතයේ රත්තරන් මිල අඩුවෙයිද කියන එක. එහෙම උනත් ඒක  වෙන්නේ ටික කාලයකට. ඉවසීම තමා ගොඩක් වැදගත්.
අප්පේ ගොඩක් වෙලා අමතර කතා නේ … එහෙනම් අපි බලමු කොහොමද ගිණුමක් හදන්නේ කියලා….
ඉතාම සරලව ඉක්මනින් ගිණුමක් හදා ගන්න පහසුකම් දීලා තියෙනවා මෙතනින් ගිහින් ගිණුමක් හදා ගන්න පුළුවන්.

නැත්තම් මේ  බටන් එක   ක්ලික්  කරලත් පුළුවන්.
ඔතනින් ගියාම මුල්පිටුව පෙන්නාවි. පහත වගේ


  1. Personal යන්න තෝරන්න.
  2. Open Free Personal Account යන්න තෝරන්න.
මෙවැනි පිටුවකට පැමිණේවි.

ඊලඟ වින්ඩෝව පහත පරිදි මෙසේ දිස් වේවි.

රට විදියට ශ්‍රී ලංකාව තෝරන්න. දුරකථන අංකයට ” 0 ”  ඉතිරි අංක 9 ලබා දෙන්න. (+94 ඉදිරියේ නිසා)  ඊතලය ක්ලික් කර ඉදිරියට යන්න . පහත වින්ඩෝව පැමිණේවි
ඔබ ලබා දුන් දුරකථන අංකයට කෙටි පණිවුඩයක් පැමිණේවි. එහි ඇති සනාථ කිරීමේ අංකය (verification code) ලබා දී ඉදිරියට යන්න. පහත වින්ඩෝව පැමිණේවි.
රට ලෙස ශ්‍රීලංකාව තෝරන්න.
State යන්නට ඔබේ පළාත යොදන්න .
City යන්නට ඔබේ නගරය ලබා දෙන්න.
Postal Code යන්නට ගමේ තැපැල් කන්තෝරුවේ සංකේත අංකය යොදන්න.  එය නොදන්නේ නම් මෙතනින් ගොස් ඔබට අදාළ තැපැල් කන්තෝරුවේ නම තෝරා අදාළ සංකේත අංකය ලබා ගන්න.
කලබල නොවී කල්පනාවෙන් පුරවා ඉදිරියට යන්න.
ලැබෙන පහත වින්ඩෝවේ Access Vault ක්ලික් කරන්න.

දැන් ඔබේ ඊමේල් ගිණුමට ලොග් වී බලන්න. පහත ඊමේල් පණිවුඩය ඔබට ලැබී තිබේවි

එය විවෘත කරන්න. පහත පරිදි වේවි.
verify your email බටන් එක ක්ලික් කරන්න. එය ක්‍රියා නොකරයි නම් ඊට පහලින් ඇති ලින්ක් ක්ලික් කර ඔබේ ගිණුම Verify කරගන්න.
දැන් ඔබේ Goldmoney ගිණුමට ලොග් වී බලන්න.
ඔන්න දැන් ඔබත් රත්තරන් මිලදී ගන්න සුදුස්සෙක් වෙලා. දැන් තියෙන්නේ හිතේ හැටියට අතේ තියෙන ගානට රත්තරන් මිලදී ගන්න.

සල්ලි දාන්න කලින් ආරක්ෂාව තර කර ගත්තොත් නරකද?

ඒක  කෝකටත් හොදයි නේද? පියවර ටික පහත පරිදි.
  1. ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයට මෙන්න මේ App එක ඉන්ස්ටෝල් කරගන්න. ඔතනින් තමනට අදාළ එක ඉන්ස්ටෝල් කරගන්න. නැති නම් තමන්ගේ දුරකතනයේ , Android නම් PlayStore වෙතින් හෝ iOs නම් AppStore වෙතින් authy ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරගන්න. පහත පින්තූරය බලන්න

  1. මම ඉන්ස්ටෝල් කර ඇති නිසා  Update ලෙස පෙන්නනවා. ඔබේ දුරකතනයේ එය install ලෙස පෙන්නාවි. එය install කරගන්න.
  2. ඉන් පසුව ඔබේ GoldMoney ගිණුමේ Overview පිටුවේ දකුණු පස ඇති more ක්ලික් කර Security Setting යන්න.
  3. එහි ඇති Two Factor Authentication යටතේ ඇති Toggle Switch දෙක ON කර (කොළ පාට වේවි)  Save කරන්න
  4. දුරකතනයෙන් Authy ගිණුමට ලොග් වී add Account මගින් Goldmoney ගිණුම එකතු කර ගන්න. දැන් ඔබට පහත පරිදි ඉලක්කම් 07 කින් යුතු අංකයක් පෙන්වාවි. දකුණු පස පෙන්වන තත්පර 20  ඉවරවීමට පෙර එය ඔබේ Goldmoney ගිණුමේ දැන් පෙන්වන කොටු 7 කින් යුතු ස්ථානයට ලබා දෙන්න. ලබා දීමට පෙර තත්පර 20 ඉවර වුවහොත් නව අංකයක් පෙන්වාවි.
  5. සර්තකව ඇතුලත් කළා නම් මේ වින්ඩෝව ඉවත් වේවි. මින් පසු ඔබ Goldmoney ගිණුමට ලොග්වන සෑම විටම දුරකතනයෙන් මෙම අංක 7 ලබා දීමට සිදුවනවා. ඒ සදහා දුරකතනයේ අන්තර්ජාල පහසුකම් තිබීම අවශ්‍ය නොවේ. මෙමගින් ඔබේ වටිනා ගිණුමේ ආරක්ෂාව ඉතා හොදින් තහවුරු වෙනවා.

සල්ලි දාන්නේ කොහොමද?

ඔන්න මෙහෙමයි සල්ලි දන්නේ . පියවර ටික පහලින්
  1. ඔබේ  GoldMoney ගිණුමට ලොග් වෙන්න. එහි ඇති Deposit යන්න ක්ලික් කරන්න.

එහි ක්‍රෙඩිට් කාර්ඩ් ක්ලික් කර next කරන්න.
  1. ඊට පස්සේ එන්නේ රත්තරන් මිලදී ගන්න පුළුවන් රටවල්. ඕවායින් සමහර රටවල් තෙරුවාම පොඩි පොඩි කොන්දේසි එනවා. කැමති රටක් තෝරන්න පුළුවන්. Goldmoney මූලස්ථානය වෙන්නේ කැනඩා වල ටොරොන්ටෝ නගරය නිසා මන් නම් ගත්තේ ටොරොන්ටෝ වලින්. ඔයාලත් කැමති රටකින් ගන්න.

දැන් කොච්චර මුදලක රත්තරන් මිලදී ගන්නවාද කියල ටයිප් කරන්න. ඒ ගණන පෙන්වන්නේ රුපියල් වලින්. එක ඔබට ගොඩක් පහසුයි නේද?
  1. රුපියල් 1000කට වඩා , ගිණුම හදලා දවස් 7කට කලින් තැම්පත් කලොත් GoldMoney එකෙන් බෝනස් ලැබෙනවා.
  2. අවසාන පියවර.
  1. දැන් ඔබේ ගිණුමේ ඔබ ගත්  රත්තරන් පෙන්වාවි. ග්‍රෑම් ලෙස හා රුපියල් ලෙස. මේ විදියට පුළුවන් හැම වෙලාවේම බැංකුවේ සල්ලි දානවා වගේ මේ ගිණුමට සල්ලි දාන්න. එතකොට කාලයක් යද්දී නොදැනීම ලොකු ගානක් එකතු වෙනවා.

කොහොමද මේකෙන් ලාභයක් එන්නේ.?

ඔන්න ඕක තමා හැමෝටම තියෙන ප්‍රශ්නය . අපි අද රත්තරන් මිලදී ගත්ත ගානට වඩා ඉදිරියේදී රත්තරන් මිල වැඩිවෙනවා. පොඩි කාලයකට මිල අඩු වුනත් හදිසියේ හෝ , ඒත්  රත්තරන් නිසා මිල වැඩිවෙනවා. එතකොට අන්න එතනින් තමා ලබහයක් එන්නේ. හෙමින් හෙමින් එකතු කරන අයට  ගොඩක් වටිනවා. බැංකුවක දාල ලැබෙන පොලියට වඩා වැඩි මුදලක් නම් ලැබෙනවා. ඕනි නම් අවුරුදු ගානකට පස්සේ  ඇතම් ATM කාර්ඩ් එකෙන් අතට ගන්නත් පුළුවන්. ATM කාර්ඩ් එක ගැන විස්තරයක් මන් පස්සේ දෙන්නම්. නැතිනම් රත්තරන් කුට්ටියක් විදියට ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන් හොදේ.. ඒ වැඩේට නම් බොහෝ දෙනෙක් කැමති වේවි.
එහෙනම් ඔන්න අපි ගියා. අලුත් ලිපියකින් ආපසු එන්නම් හොදේ. ගැටළු ප්‍රශ්න ඔක්කොම පහල කොටන්න. පිළිතුරු දෙන්නම් ඉක්මනින්. තාම ගිණුමක් හදලා නැතිනම් ඉක්මනින් හදන්න.


No comments:

Post a Comment